Gossips

හෝටලයක සිටි සංචාරකයෙකු හදිසියේ මියයයි

ඇල්ල නගරයේ සංචාරක හෝටලයක ලැගුම් ගෙන ස්විට්සර්ලන්ත ජාතිකයෙකු හදිසියේ මියෙගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
සංචාරක හෝටලයේ සේවකයෙකු තේ රැගෙන මොහු නවාතැන් ගෙන සිටි කාමරය වෙත ගොස් ඔහුට කථා කලද ඊට ප්‍රතිචාරයක් ලැබී නැහැ.
පසුව කාමරයේ දොරගුළු විවෘත කරන අවස්ථාවේදී නිදන ඇඳ මතම මෙම ස්විට්සර්ලන්ත ජාතිකයා මියගොස් ඇති අයුරු නිරීක්ෂණය කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව මේ වනවිට විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.