Gossips

හෝටලයකට පැමිණි පිරිසක් තරුණයෙකුට පහරදෙන ආකාරය CCTV කැමරාවේ සටහන් වෙයි

මහියංගනය නගර මධ්‍යයේ පිහිටි හෝටලයකට පසුගිය 03 වැනිදා රාත්‍රියේ පැමිණි පිරිසක් හෝටලයේ සේවය කරමින් සිටි අයෙකුට පහර දී තිබනෙවා.
ඔවුන් මෙලෙස පහර දී ඇත්තේ එම හෝටලයේ හිමිකරුගේ පුත්‍රයාට බවයි පොලිසිය පැවසුවේ.
පහර කෑමට ලක්වූ 21 හැවිරිදි තරුණයා මේ වනවිට මහියංගනය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු කියා සිටියේ.
මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයින් 6 දෙනෙකු මහියංගනය පොලිසිය විසින් ඊයේ (06) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පහරදීම සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර, හෝටලයට පැමිණි පිරිස එහි සිටි හිමිකරුගේ පුත්‍රයාට පහරදෙන ආකාරය හෝටලයේ සවිකර තිබු CCTV කැමරාවේ මෙලෙස පටිගත වී තිබුණා.
එම වීඩියෝව පහතින්.