Gossips

හෝකන්දරදී තරුණයෙකු ඝාතනය කරයි

අතුරුගිරිය හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේදී ඊයේ (15) දහවල් 12.15 ට පමණ තියුණු ආයුධයකින් කපා කොටා තරුණයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
මියගිය තරුණයා වයස අවුරුදු 19 ක් වූ හොරහේන හෝකන්දර නැගෙනහිර ලිපිනයේ පදිංචි තිලංග මධුෂාන් නමැති අයෙකු බවයි අනාවරණය කරගෙන තිබෙන්නේ.
මෘත ශරීරය හෝමාගම රෝහලේ තැම්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) පැවැත්වීමට නියමිතයි.
ඝාතනයට ලක් වූ තරුණයා ඉහත ලිපිනයේ නිවසේ සිටියදී සැකකරු විසින් පිහියකින් ඇන පලාගොස් තිබෙනවා.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා.