වෛද්‍යවරියක් ලෙස ව්‍යාජව පෙනී සිටි 24 හැවිරිදි කාන්තාවක් ඇල්පිටිය රෝහලේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව – සිද්දමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
ඇය ඊයේ වෛද්‍ය නලාව අතැතිව රෝහලට පැමිණි අවස්ථාවේදී රෝහල් සේවකයින්ට ඇතිවූ සැකයක් මත එම කාන්තාවගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
එහිදී ඇය ව්‍යාජ වෛද්‍යවරියක් බවට අනාවරණ වීමෙන් අනතුරුවයි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පොලීසිය සිදුකරන ලද ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඇය රෝහලේ සිටින තම ඥාතියෙකුගේ සුවදුක් විමසීම සඳහා අවේලාවේ රෝහලට ඇතුළු වීමට මෙලෙස වෛද්‍යවරියක් ලෙසට පෙනී සිට ඇති බවටයි.
