Gossips

හොරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

පෑලියගොඩ – මුරුගන් වත්තේදී හෙරොයින් ග්‍රෑම් 62 යි මිලිග්‍රෑම් 807ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
40 හැවිරිදි ඔහු කැළණිය – පට්ටිහන්දියේ පදිංචිකරුවෙකු වන අතර, බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාශය මගිනුයි ඊයේ (07) පස්වරුවේ මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මේ අතර හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 300 ක් සමඟ තවත් සැකකරුවෙකු පානදුර – පරත්ත – රුක්මල් මාවතේදී ඊයේ (07) රාත්‍රියේ පානදුර උතුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.