Gossips

හොරොම්බුව – මිල්ලකැළේ රක්ෂිතයේ ගින්න පාලනය කරයි

මොණරාගල – හොරොම්බුව – මිල්ලකැළේ රක්ෂිතයේ පසුගිය 13 වනදා හට ගත් ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා.
මොණරාගල – කුඹුක්කන – 121ක් වන බල සේනාවේ නිලධාරීන්, ආපදා කළමනාකරණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඬ පැවැත්වීමට කටයුතු කළ අතර, දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා, ඒ සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, දින 04ක් තිස්සේ පැවති ගින්නෙන් විශාල වන ප්‍රදේශයක් විනාශයට පත්ව තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, කවුරුන් හෝ රක්ෂිතයට ගිනි තැබුවා ද යන්න පිළිබඳව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.