Gossips

හොරණ රබර් සැකසුම් කර්මාන්තශාලාව වසා දමන බව බස්නාහිර මහඇමති කියයි

පරිසරයට හානි වන අයුරින් ප්‍රාදේශීය සභාවේ පරිසර බලපත්‍රය ද නොමැතිව පවත්වාගෙන ගිය හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාව වසා දමන බව බස්නාහිර පළාත් මහඇමති ඉසුර දේවප්‍රිය ප්‍රකාශ කළා.
ඒ, අද එම කර්මාන්තශාලා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවයි.
මේ අතර, අත්අඩංගුවට ගත් එම කර්මාන්තශාලාවේ කළමනාකරු මේ මස 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔහු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ දිනයේ අදාළ රබර් සැකසුම් කර්මාන්තශාලාවේදී විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.