හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය මේ මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, හොරණ වැඩබලන මහේස්ත්‍රාත් ජයන්තා ජයසූරිය හමුවට අද (22) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය බ්‍රහස්පතින්දා මෙම කර්මාන්තශාලාවේ විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පසුව එහි කළමනාකරු අත්අඩංගුවට ගත් අතර ඔහු ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
මෙම ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (21) දිනයේදියි.
