පස් දෙනෙකුට මරු කැදවමින් හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ සිදුවූ අනතුරෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එහි හිමිකරු, කළමනාකරු සහ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය අද ඇප මත මුදා හැරියා.
ඒ, ඔවුන් හොරණ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
