Gossips

හොරණ රබර් කම්හලක අනතුරකින් 5 ක් මරුට

හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවේ සිදු වූ අනතුරෙන් පස් දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි හොරණ මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
පොලිසිය සඳහන් කළේ අද දහවල් 1.20 ට පමණ ඇමෝනියා සහිත ටැංකියකට වැටුනු පුද්ගලයෙකු බේරා ගැනීමට යාමේදී අනතුර සිදුව ඇති බවයි.
ටැංකියට වැටුනු පුද්ගලයා බේරා ගැනීම සඳහා පිරිසක් ගොස් තිබු බවයි පොලිසිය සඳහන් කළේ.
එම පිරිස අතරින් 15 දෙනෙකු සිහිසුන්වී හොරණ රෝහලට ඇතුලත් කෙරුනා. එහිදී 5 දෙනෙකු මියගොස් ඇතැයි සඳහන්.
සිහිසුන්වූ පිරිස හොරණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.