ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරණ සංවිධායක, බස්නාහිර පළාත් සභාවේ උප සභාපති යසපාල කෝරලගේ අද (03) පිවිතුරු හෙළ උරුමය සමඟ එක්වුණා.
එම පක්ෂ මූලස්ථානයේදී මොහුට අමතරව, හොරණ ප්‍රාදේශීය සභාවේ නිදහස් පක්ෂ මන්ත්‍රීනි නන්දා අබේවික්‍රම ද පිවිතුරු හෙළ උරුමය සමඟ එක්වූ බවයි එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ.
