Gossips

හොරණ දී මහ රෑ පෞද්ගලික බස් රථයක් පැහැරගෙන ගියපු හැටි CCTV කැමරාවේ

හොරණ, ගුරුගොඩ ප්‍රදේශයේ දී පුද්ගලික බස් රථයක් කිසියම් පුද්ගලයෙකු විසින් පැහැරගෙන යන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා.
ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පෙරේදා අලුයම 12.50ට පමණ බස් රථය නවතා තිබූ වාහන සේවා ස්ථානයට පැමිණි පුද්ගලයෙක් මෙලෙස එය රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.