Gossips

හොරණ ජංගම දුරකථන අලෙවිසැලක සිදුවූ සොරකම

හොරණ ප්‍රධාන බස්නැවතුම්පොළ උඩුමහලේ ඇති ජංගම දුරකථන අලෙවිසලකට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි තිබූ මුදල් පසුම්බියක් සොරකම්කර තිබෙනවා.
එහිදී ප්‍රථමයෙන් දෙදෙනාගෙන් එක් අයෙකු ජංගම දුරකතනයක් අලුත්වැඩියා කරගැනීමට අවශ්‍ය බව පවසා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව එහි ඇති සෙල්ලම් බඩු කිහිපයක් මිලදීගැනීමට අවශ්‍ය බව පවසා තිබෙනවා.
ඉන් අනතුරුවයි එක් අයෙකු විසින් මෙම සොරකම සිදුකරන්නේ.
මේ සම්බන්ධයෙන් හොරණ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ඉදිරි විමර්ශන සිදුකෙරෙනවා.
අදාළ සොරකම සිදුකළ ආකාරය එහි සවිකර තිබූ CCTV ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබුනේ මෙලෙසින්.