Gossips

හොරණ කර්මාන්තශාලා හිමිකරුට පෙනී සිටින්නැයි පොලීසියෙන් දැනුම්දීමක්

හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවක හිමිකරුට වහාම පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
දැනට ඔහු පදිංචිව සිටින බවට පැවසෙන කුරුඳුවත්ත ප්‍රදේශයේ ලිපිනයකට ඒ පිළිබදව ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.
ඔහු මේ වනවිට ප්‍රදේශය අතහැර පළා ගොස් ඇති අතර සැකකරුට රටින් පිටවීම වලක්වාලමින් නියෝගයක්ද හොරණ වැඩබලන මහෙස්ත්‍රාත්වරිය ඊයේ (22) නිකුත් කළා.
අදාළ කර්මාන්තශාලාවේ විෂ වායු ආඝ්‍රහණයවීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගියේ පසුගිය බ්‍රහස්පතින්දායි.
එම සිද්ධියට කම්හලේ කළමණාකරු සහ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය අත්අඩංගුවට ගෙන අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.
සිද්ධියෙන් මියගිය එක් අයෙකුගේ අවසන් කටයුතු ඊයේ (22) හොරණ පොදු සුසාන භූමියේදී සිදු කෙරුණු අතර අනෙත් හතර දෙනාගේ අවසන් කටයුතු සිදු කෙරුණේ පෙරේදා දිනයේයි.