පස් දෙනෙකුට මරු කැඳවමින් හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය සහ කළමනාකරු අනිද්දා (27) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ සැකකරුවන් අද (25) හොරණ වැඩබලන මහේස්ත්‍රාත් චන්දන විජේසූරිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
