Gossips

හොරණ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

හොරණ පොකුණුවිට ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ගිනි අවි පෙන්වා ඉන්ධන පිරවුම්හලේ සේවකයින් සතුව තිබු මුදල් කොල්ලකා පලා ගොස් තිබෙනවා.
ඊයේ (01) රාත්‍රි 7.15ට පමණ මෙම මුදල් කොල්ලය සිදූව ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලීසිය සඳහන් කළේ මුහුණු ආවරණය කර පැමිණි මොවුන් ගිනි අවියක් පෙන්වා ඉන්ධන හලේ පොම්පකරු බිය ගන්වා රුපියල් 95,500ක මුදලක් කොල්ල කා ඇති බවයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මේ අතර, මුදල් කොල්ලය සිදුවන ආකාරය ඉන්ධන පිරවුම්හලේ සවිකර තිබු CCTV කැමරාවේ මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.