Gossips

හොරණින් සහ බම්බලපිටියෙන් මළ සිරුරු දෙකක් හමුවෙයි

හොරණ – මොරගහහේන – කනන්විල ප්‍රදේශයේ ඇළක තිබී කාන්තා මළ සිරුරක් අද උදෑසන සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මියගිය කාන්තාව කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.
මේ අතර බම්බලපිටිය – රජයේ මහල් නිවාස සංකීර්ණයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම නිවාස සංකීර්ණයෙන් දුඟදක් හමන බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී වසා තිබූ නිවසක තිබී දින කිහිපයකට පෙර මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 65 ක් වයසැති පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.