Gossips

හොරණදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කරයි

හොරණ නගරයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.
අද(20) උදෑසන මේ ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ හොරණ ප්‍රදේශයේම පදිංචි 20 හැවිරිදී තරුණයෙක්.
ඝාතනය සිදුකල ප්‍රධාන සැකකරු ඇතුළු තවත් පුද්ගලයෙක් හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුද්ගලික ආරවුලක් මත මේ ඝාතනය සිදුව ඇති බවටයි මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.