Gossips

හොඳම අපේක්ෂකයා සිටින්නේ එක්සත් ජාතික පෙරමුණේ

රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ විසින් අද අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමු කිහිපයක් සංවිධානය කර තිබුණා.
ඉදිරි මහ මැතිවරණ සහ ජනාධිපතිවරණවලදී ඉදිරිපත් කිරීමට හැකි හොඳම අපේක්ෂකයින් සිටින්නේ එක්සත් ජාතික පෙරමුණේ බවයි එම මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කියා සිටියේ.
එමෙන්ම තවත් මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කළා.
මේ අතර, තවත් මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ තම පක්ෂයේ අගමැති අපේක්ෂකයා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ බවයි.