Politics Sri Lanka

හොන්ඩුරාස් හි හිටපු ජනපතිගේ බිරිඳ අත්අඩංගුවට

හොන්ඩුරාස් හි හිටපු ජනපතිගේ බිරිඳ අත්අඩංගුවට

දූෂණ චෝදනා හේතුවෙන් හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනපති පොර්ෆිරියෝ ලොබෝගේ භාර්යාව වන රොසා එලේනා අත්අඩංගුවට ගෙන තිබේ.

2010 සිට 2014 දක්වා කාලය තුළ පොර්ෆිරියෝ ලොබෝ ජනපතිධූරය හෙබවා තිබේ.

එම කාලය තුළ මධ්‍යම අමෙරිකාවේ අඩු ආදායම්ලාභීන්ගේ දරුවන් සඳහා පාවහන් ලබාදීමේ ව්‍යාපෘතියකින් මුදල් වංචා කිරීම ඇයට එල්ලවන චෝදනායි.

අමෙරිකානු රාජ්‍යයන්ගේ සංවිධානයේ දූෂණ විරෝධි කාර්යාලය සඳහන් කළේ, ඇය තම සැමියාගේ නිල කාලය අවසන් වීමත් සමග ජනපති ආර්යා කාර්යයාලය සතු මුදල් තම පෞද්ගලික ගිණුමට බැර කිරීමට කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත් රොසා එලේනාගේ සහ ඇගේ නීතිඥයින් ඇයට එරෙහිව ඇති චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වේ.