Gossips

හොදම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව යළිත් නම් වෙයි

ආසියානු මහාද්වීපයේ හොදම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව යළිත් තේරී පත්වී තිබෙනවා.
travellemming.com වෙබ් අඩවිය විසින් ලෝකය පුරා ප්‍රසිද්ධ සංචාරක බලපෑම් කරන්නන්, බ්ලොග්කරුවන් හා ව්ලොගර්කරුවන්ගෙන් සමන්විත මණ්ඩලයක් හරහා පැවැත්වූ ඡන්ද විමසීමකිනුයි ශ්‍රී ලංකාව ආසියාවේ පළමු ස්ථානයට පත් වී ඇත්තේ.
2019 වසරේ සංචාරය කිරිමට සුදුසුම රටවල් තෝරා ගැනීම සඳහා ලෝකයේ මහද්වීප හයක් යොදාගනිමින් මෙම ඡන්ද විමසීම පවත්වා තිබෙනවා.
යුරෝපය, උතුරු අමරිකාව, ඔස්ට්‍රේලියාව සහ පැසිෆික් කලාපය, අප්‍රිකාව, දකුණු අමරිකාව සහ ආසියාව එම මහාද්වීප අතරට අයත්.
යුරෝපා මහාද්වීපයෙන් සංචාරය කිරීමට හොඳම රට ලෙසට තේරී පත්වී ඇත්තේ සයිබීරියාවයි.
උතුරු ඇමරිකාවෙන් මෙක්සිකෝවට පළමු ස්ථානය ලැබී තිබෙනවා.
ඔස්ට්‍රේලියාව සහ පැසිෆික් කලාපයෙන් සංචාරය කිරීමට හොඳම රට ලෙසට තේරී ඇත්තේ ඔස්ට්‍රේරලියාවේ දොඩම් වගාවන් සිදුවන කලාපයක්.
අප්‍රිකා මහාද්වීපයේ සංචාර කිරීමට හොඳම රට ලෙසට නම්වී ඇත්තේ මලාවි රාජ්‍යයයි.
දකුණු අමරිකාවෙන් හොඳම සංචාරක ගමනාන්තයක් ලෙසට පේරු රාජ්‍යයේ ලීමා අගනුවර පත්වී තිබෙනවා.
සංස්කෘතික සහ ඓහතිහාසික වටිනකමකින් යුත් දෑ මෙන්ම වනාන්තර සහ දර්ශණීය වෙරළ තීරයන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී දැක ගැනීමට හැකිවන බව travellemming.com වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
එමෙන්ම යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලෙසට නම්කර ඇති ස්ථාන රැසක් ද දැක ගත හැකි බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.
මිට පෙර ලොව සුප්‍රකට ලෝන්ලි ප්ලැනට් සඟරාව මගින් ද 2019 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසු රට ලෙස ශ්‍රී ලංකාව පත්වුණා.