Gossips

හොංකොං සත් සාමාජික රග්බි කාන්තා පළග ශූරතාව ශ්‍රී ලංකාවට

හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියේ පළග ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම අද සමත් වුණා.
ඒ තායිලන්ත කණ්ඩායම 22 ට 10 ක් ලෙස පරාජයට පත් කරමින්.
පළග ශූරතාව සදහා පැවති අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම, කොරියාව ලකුණු 21 ට 15 ක් ලෙස පරාජයට පත් කළා.
මූලික වටයේදී ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම චීනය සහ කසකස්ථානය අතින් පරාජයට පත්වූ අතර, සිංගප්පූරු කණ්ඩායම හමුවේ ජය ලබා ගත්තා.
මේ අතර, ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම, හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියේ 4 වන ස්ථානය සදහා පිලිපීන කණ්ඩායම සමග අද තරග වැදීමට නියමිතයි.