Gossips

හොංකොං විමර්ශනයේදී සොයාගත් නාමල් කුමාරගේ දුරකථන දත්ත ගැනත් රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි

පරික්ෂණ සදහා හොංකොං වෙත යවන ලද දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ ප්‍රතිඋත්පාදනය කරන ලද පැයක හඩ පට සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාවක් ලබාගැනීමට අධිකරණය අද රහස් පොලීසියට අවසර ලබාදුන්නා.
ඒ සිද්ධියට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැඳවූ අවස්ථාවේදියි.
අදාළ හඩ පට ඇතුළත් සංයුක්ත තැටි 3 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළා.
මේ අතර ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ යුද හමුදාවට ඇතුළත් වූ නාමල් කුමාර පුහුණුව අතරතුරදී පලාගොස් ඇති බවත්, ඒ පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.