Gossips

හොංකොං යන ශ්‍රී ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි

ඔක්තෝම්බර් මස 27 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි හොංකොං රාජ්‍යය වෙත සිදුකරන ගුවන් ගමන් කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.
වානිජ ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි එම ගුවන් සමාගම නිවේදනය කළේ.
මේ අතර, ඔක්තෝම්බර් මස 28 වනදා සහ 29 වනදා සිට මෙල්බර්න් සහ සිංගප්පූරුව දක්වා සිදුකෙරෙන ගුවන් ගමන් කටයුතු පුළුල් කර තිබෙනවා.
ඒ 330 – 300 යානා දිනපතා මෙල්බර්න් මෙහෙයුම් සඳහා යොදා ගැනෙන අතර, සිංගප්පූරුව දක්වා සතියකට සිදුකරන ගුවන් ගමන්වාර 17 සිට 21 දක්වා ඉහළ නංවා ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කළේ.