Gossips

හොංකොං පරදවා ශ්‍රී ලංකාව ජයගනී

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම ආසියානු අභියෝගතා කුසලාන පිරිමි වොලිබෝල් තරඟාවලියේ ප්‍රථම තරඟය තරඟ වට 3 ට බින්දුවක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
එහිදී ශ්‍රී ලංකා පිල පරාජය කළේ හොංකොං කණ්ඩායමයි.
තරඟය ආරම්භයේ සිටම සිය අණසක පැතිරූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්, හොංකොං ක්‍රීඩකයන්ට ලකුණු විස්සේ සීමාව ඉක්මවා යාමට අවස්ථාව ලබාදුන්නේ එක් වතාවක් පමණයි.
ශ්‍රී ලංකාව අද (16) මැලේසියාව සමඟ මූලික වටයේ තවත් තරඟයකට සහභාගිවනවා.
ආසියානු අභියෝගතා කුසලාන පිරිමි වොලිබෝල් තරඟාවලියේ සමාරම්භක උත්සවය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඊයේ පැවැත්වුණේ ජනාධීපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.