Gossips

හේකිත්තේ ද්විත්ව ඝාතනය සොයන්න පොලිස් කණ්ඩායම් 4ක්

වත්තල – හේකිත්ත ප්‍රදේශයේ සිදුවු ද්විත්ව ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 4ක් පත් කර තිබෙනවා.
වත්තල පොලීසිය, කොළඹ අපරාධ කොට්ඨාශය, පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය සහ බස්නාහිර උතුරු දිශා අපරාධ කොට්ඨාශය ඒ සඳහා දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.
ඝාතනය සඳහා ටී – 56 ගිනි අවි දෙකක් උපයෝගී කරගෙන ඇති අතර, ඉන් උණ්ඩ 30කට අධික ප්‍රමාණයක් වෙඩි තැබීම සඳහා උපයෝගී කරගෙන ඇති බවටයි දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
අදාළ වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ 'බුම්මා' නැමති පාතාල කල්ලියක සාමාජිකයින් විසින්.
පොලිසිය සඳහන් කළේ එම කල්ලිය සහ 'කුඩු සෙල්ලි' යන පතාල කල්ලිය අතර කලක සිට පවතින ආරවුලක් මෙම ඝාතනවලට හේතුවී ඇති බවයි.
හේකිත්ත මාර්ගයේදී මෝටර් රථයකින් පැමිණි නාඳුණන පිරිසක් විසින් තවත් මෝටර් රථයකින් යමින් සිටි දෙදෙනෙකුට පෙරේදා (13) පස්වරුවේ මෙම වෙඩිතැබීම සිදුකර තිබූ අතර එහිදී 31 සහ 38 යන වයස්වල පසුවන කොටහේන – ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මොවුන් 'කුඩු සෙල්ලි' නැමති පාතාල කල්ලියේ ප්‍රබල සාමාජිකයින් බවට මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.