Gossips

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොළඹදී අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු මරදාන සහ තොටළඟ ප්‍රදේශවලදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පොලීසියට ලද තොරතුරක් මතයි.
මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 51 යි මිලිග්‍රෑම් 840 ක් පොලීසිය සොයාගෙන ඇති අතර, ඔහු 33 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර තොටළඟ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත සැකකරු වයස අවුරුදු 33 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 16 යි මිලිග්‍රෑම් 550 ක් බවයි පොලීසිය සඳහන් කළේ