Gossips

හෙරොයින් ළග තබා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 240 ක් ළග තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු මැදිරිගිරිය – අඹගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊයේ රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 සහ 36 යන වයස්වල පසුවන මැදිරිගිරිය ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්.
ඔවුන් අද හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.