Gossips

හෙරොයින් සහ ජීව උණ්ඩ සමඟ සැකකරුවෙකු පොලිස් දැලේ

හෙරොයින් සහ ජීව උණ්ඩ සමඟ සැකකරුවෙකු බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (06) සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 740ක් ද මොහු ලග තිබී පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 51ක් ද ඔහු ලග තිබී සොයාගෙන තිබෙනවා.
අවුරුදු 39ක් වයසැති මොහු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.