Gossips

හෙරොයින් සහ ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පූගොඩ ගල්පොතුගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 151 යි මිලිග්‍රෑම් 160 ක්, විදේශයක නිශ්පාදිත ගිනි අවියක් සහ එම උණ්ඩ 13 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ සවස වැටලීම සිදුකර ඇත්තේ.
සැකකරු යතුරුපැදියකින් යමින් සිටියදී නවතා සිදු කළ පරීක්ෂාවේ දී හෙරොයින් සමග ගිනි අවිය හමුවී තිබෙනවා.
මෙම පුද්ගලයා ගල්පොතුගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්.
ඔහුගේ ප්‍රකාශ මත හෙරොයින් ජාවාරමට සම්බන්ධ තවත් අයෙක් ගල්පොතුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යාමේ දී එම සැකකරු පැමිණි මෝටර් රථය ද දමා පළාගොස් තිබෙනවා.
එම මෝටර් රථයේ තිබී හෙරොයින් ග්‍රෑම් 500 ක් සොයාගෙන ඇති අතර මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇතැයි සඳහන්.
පළාගිය සැකකරු රනාල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක් බවට අනාවරණ වී තිබෙනවා.
එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශණ සිදුකරනවා.
අත්අඩංගුවට පත්වූ සැකකරු පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 7 ක රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශණ සිදුකරන බවයි පොලිසිය කියාසිටියේ.