හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු බොරැල්ල – මැගසින් පාරේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කදවුරේ නිලධාරීන්ට ඊයේ ලද තොරතුරකට අනුවයි.
ඔහු එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු වන අතර, මෙහිදී හෙරොයින් ග්‍රෑම් 2.3කට වැඩි ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4.4ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් 60,000ක් පමණ වන බවයි පොලීසිය පැවසුවේ.
