Gossips

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු වනවාසලදී අත්අඩංගුවට

පෑලියගොඩ – වනවාසල ප්‍රදේශයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 200 ක් සහ අයිස් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 920 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
30 හැවිරිදි සැකකරු වත්තල – හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.