බදුල්ල ප්‍රදේශයේ ස්ථාන දෙකක දී හෙරොයින් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකක නිලධාරීන් බදුල්ල නගරයේ ඊයේ (07) සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 290ක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන් වැලිමඩ සහ පස්සර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
එමෙන්ම බදුල්ල – සිරිමල්ගොඩ මං සන්ධියේදී හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 245ක් සමඟින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, කොළඹ – කෙසෙල්වත්ත, ගම්පහ – බැලුම්මහර සහ පානදුර යන ප්‍රදේශවල ඊයේ (07) සිදුකළ වැටලීම්වලින් ද සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
