ත්‍රිකුණාමලය – මතරඩි හන්දිය සහ තලෙයිනගර් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 161ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත පිරිසක් සහ ත්‍රිකුණාමල දූෂණ මර්දන කොට්ඨාශයේ නිලධාරීන් එක්වයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් 18,23 සහ 30 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේම පදිංචිකරුවන්.
