හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් හතරදෙනෙකු ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් තුන්දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ මිරිස්වත්ත සහ වැල්ලම්පිටිය ප්‍රදේශවලින්.
හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 850 ක් සමඟ අනෙක් සැකකරු මීගොඩ පොලිසියේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවේ ගොඩගම ප්‍රදේශයේදී වන අතර, ඔහු මහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
