කොළඹ හා තදාසන්න ප්‍රදේශ කිහිපයකදී හෙරොයින් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊට අමතරව සැකකාරියක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.
මොවුන් පෑලියගොඩ, බොරැල්ල, කළුබෝවිල සහ කොහුවල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 41 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.
