Gossips

හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

දෙමටගොඩ – ධර්මාරාම මාවත ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අද (14) අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි වියේ පසුවන බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.