Gossips

හෙරොයින් සමඟ පුද්ගලයෙකු පිළියන්දලදී අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකු පිළියන්දල – පොල්හේන – මඩපාත ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (30) අලුයම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අවුරුදු 47ක් වයසැති එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 102කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.