Gossips

හෙරොයින් සමඟ දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (30) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල දේවහුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවන් මහනුවර ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධව චෝදනා එල්ලවී අධිකරණය සහ පොලිසිය මඟ හරිමින් සිටින පිරිසක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර දඹුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.