හෙරොයින් පැකට් 20ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කුරුණෑගල – ගැට්ටුවාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සුරාබදු නිලධාරීන් විසින් අද පෙරවරුවේ සිදුකළ වැටලීමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් කලක සිට හෙරොයින්වලට ඇබ්බැහි වී සිටි අය බවයි කුරුණෑගල සුරාබදු ඒකකයේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
