දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් සමස්ත හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 14යි, මිලිග්‍රෑම් 140ක්.
ඊයේ දිනයේදී මෝදර ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු 39 හැවිරිදි මෝදර ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
අනෙක් සැකකරුවන් දෙදෙනා බදුල්ල සහ වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු වයස අවුරුදු 26ක් වූ පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර අනෙක් සැකකාරිය 43 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
