Gossips

හෙරොයින් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් තුන්දෙනෙකු ප්‍රදේශ 3 කදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් ග්‍රෑම් 20 ක් ළඟ තබාගෙන සිටි 41 හැවිරිදි සැකකරුවෙකු ගල්කිස්ස – කල්දෙමුල්ල මාර්ගයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් අතර, ඔහු දෙහිවල – කව්ඩාන මාර්ගයේ පදිංචිකරුවෙක්.
30 හැවිරිදි අක්මීමන – කෙසෙල්ගස්හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 10 ක් සමඟ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
හෙරොයින් ග්‍රෑම් 3 කට ආසන්න ප්‍රමාණයක් සමඟ තවත් සැකකරුවෙකු කුරණෑගල වීදියවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 23 හැවිරිදි කුරුණෑගල – බෝයගනේ පදිංචිකරුවෙක්.