කෙසෙල්වත්ත – පරණ යෝන් වීථිය ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 60 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර කෙසෙල්වත්ත – පීර් සයිබු වීථිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ තවත් සැකකරුවෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා.
එලෙස අත්අඩංගුවට ගැනුනේ 59 හැවිරිදි පුද්ගලයෙක්.
