Gossips

හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දැරියක් අත්අඩංගුවට

අම්බලංගොඩ මුහුදු තීරයේදී හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දැරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (20) පස්වරුවේ ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී අම්බලංගොඩ පොලීසිය මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 365ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් දැරිය 6 හැවිරිදි වියේ පසුවන අතර, ඇගේ යට ඇඳුමෙහි සඟවා තිබූ මිලිග්‍රෑම් 95 හෙරොයින් පැකට් 8ක් ද සොයා ගැණුනා.
සැකකාරියන් අම්බලංගොඩ, පටබැඳිමුල්ල වෙරළ පාර ප්‍රදේශයේ පදිංචි 40 සහ 38 වන වියේ පසුවන්නියන් වන අතර, අත්අඩංගුවට ගත් දැරිය 40 හැවිරිදි කාන්තාවගේ මිනිබිරියක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.