Gossips

හෙරොයින් සමඟ කාන්තාවක් මට්ටක්කුලියේදී අත්අඩංගුවට

මට්ටක්කුලිය – සමිත්පුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 170ක් සමඟ කාන්තාවක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25ක් වන සමිත්පුර ප්‍රදේශයේම පදිංචිකාරිනියක් වන අතර ඇය අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.