Gossips

හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

කොළඹ – මෝදර – හේනමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෝදර පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (20) සිදුකළ වැටලීමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 700ක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකාරිය අද (21) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.