Gossips

හෙරොයින් සමඟ ඇල්ලූ ඉරාන ජාතිකයින් 9 දෙනා රිමාන්ඩ්

රුපියල් කෝටි 120කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සහිත බහුදින යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් 09 දෙනා ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේ හෙරොයින් සාම්පල සහ නෞකාව රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි.
මෙම නෞකාව පාකිස්තාන මුහුදු සීමාවේ නවතා තබාගෙන කුඩා බෝට්ටුවක් මගින් මත්ද්‍රව්‍ය ගෙන්වාගෙන ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ.
එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ මෙම නෞකාවේ ජී.පී.එස් යන්ත්‍රය ගලවා ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යොදා ගන්නා ලෙසයි.
නෞකාව නාවික හමුදාව භාරයට පත්කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.