Gossips

හෙරොයින් සමඟ ඇල්ලූ ඉරාන ජාතිකයන් රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර

රුපියල් කෝටි 120කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සහිත බහුදින යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් 09 දෙනා මේ මස 29 වනදා දක්වා රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණය අද පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අවසර ලබා දුන්නා.
ඒ මොවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට පෙරවරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එමෙන්ම මොවුන් ඉංගී‍්‍රසි භාෂාව නොදන්නා නිසා ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය හරහා ඊට සහය ලබා ගන්නා බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට තවදුරටත් දැනුම් දුන්නේ.
නාවික හමුදාවේ සහය ඇතිව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දකුණු මුහුදේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හෙරොයින් කිලෝ 100කට අධික ප්‍රමාණයක් සහිත බහුදින යාත්‍රාවක් ඉරාන ජාතිකයන් 09 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ අළුයමයි.