යාපනය, තෙලිප්පලෙයි ප්රදේශයේදී හෙරොයින් ග්රෑම් 105ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කන්කසන්තුරේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ඊයේ (16) මල්ලාකම් මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වනදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසයි අධිකරණය නියෝග කළේ.
මෙම සැකකරු යාපනයේ තෙලිප්පලෙයි ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කුඩා පැකැට් වශයෙන් සකස්කර අලෙවි කිරීම සඳහා මෙම හෙරොයින් තොගය සන්තකයේ තබාගෙන සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.