Gossips

හෙරොයින් සමඟ අඹුසැමි යුවලක් පොලිස් දැලේ

බණ්ඩාරගම, රයිගම, කැන්දමණ්ඩිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 330ක් සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු සහ සැකකාරිය අඹුසැමියන් බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගැණුනු සැකකරු 26 වන වියේ පසුවන අතර සැකකාරිය 23 වන වියේ පසුවන්නියක් බව සඳහන්.
ඔවුන් අද (01) දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර, හෙරෝයින් මත් කුඩු ළග තබා ගෙන සිටි සැකකරුවන් 05 දෙනෙකුව හලාවත කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත දඹකැලේ ප්‍රදේශයේදීයි.
34 හැවිරිදි සැකකරු සතුව තිබී හෙරෝයින් මත් කුඩු මිලි ග්‍රෑම් 2050 ක් සොයගත් බවයි පොලිසිය කියා සිටියේ.
එමෙන්ම මාදම්පේ පොලිස් වසමේ තඹගල්ල ප්‍රදේශයේදී හෙරෝයින් මත් කුඩු ළග තබා ගෙන සිටි තරුණයින් සිව් දෙදෙනෙකුව විෂ මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිතයි.